වසරේ මේ දක්වා කාලය තුළ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය 14 වනදා වන විට ආදයම රුපියල් ට්‍රිලියන 1.18 ක් බවයි ශ්‍රී ලංකා රේගුව නිවේදනය කළේ.
එමෙන්ම වසරේ ගත වූ මාස 4 තුළ සෑම මසකම රේගුවේ ආදයම් ඉලක්කය 130% සීමාව ඉක්මවා ගොස් තිබේ.
එම මාස 4 තුළ වැඩිම ආදායමක් පසුගිය අප්‍රේල් මාසයේ උපයා ඇති අතර එම මාසයේ රේගු ආදායම රුපියල් බිලියන 236.5 කි.

