නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පහත ප්‍රදේශ වලට හෙට පස්වරු 04.00 දක්වා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන බලපවත්වෙනු ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

– කොළඹ දිස්ත්‍රික්කය

– සීතාවක

– කළුතර දිස්ත්‍රික්කය

– අගලවත්ත, හොරණ, වලල්ලාවිට, පාලින්දනුවර සහ මතුගම

– මහනුවර දිස්ත්‍රික්කය

– දොළුව, යටිනුවර, පස්බාගේ කෝරළය, උඩපළාත, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, අකුරණ, පාතහේවාහැට, පන්විල සහ ගඟවට කෝරළය.

– කුරුණෑගල දිස්ත්‍රික්කය

– නාරම්මල සහ අලව්ව

– රත්නපුර දිස්ත්‍රික්කය

– කලවාන, පැල්මඩුල්ල, කුරුවිට, කිරිඇල්ල, ඇහැලියගොඩ, රත්නපුර සහ අයගම

 අනතුරු ඇඟවීමේ මට්ටම 1

– බදුල්ල දිස්ත්‍රික්කය

– හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර

– කොළඹ දිස්ත්‍රික්කය

– පාදුක්ක

– ගාල්ල දිස්ත්‍රික්කයේ

– ඇල්පිටිය, නියාගම, නෙළුව සහ තවලම

– ගම්පහ දිස්ත්‍රික්කය

– අත්තනගල්ල

– කළුතර දිස්ත්‍රික්කය

– ඉංගිරිය සහ බුලත්සිංහල

– මහනුවර දිස්ත්‍රික්කය

– උඩුනුවර, හතරලියද්ද, පූජාපිටිය, උඩදුම්බර, තුම්පනේ, මැදදුම්බර සහ හාරිස්පත්තුව

– කෑගල්ල දිස්ත්‍රික්කය

– අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, වරකාපොළ, යටියන්තොට, කෑගල්ල, රඹුක්කන සහ මාවනැල්ල

– කුරුණෑගල දිස්ත්‍රික්කය

– රිදීගම

– මාතලේ දිස්ත්‍රික්කය

– රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාඋල

– මාතර දිස්ත්‍රික්කය

– පිටබැද්දර

– මොනරාගල දිස්ත්‍රික්කය

– බඩල්කුඹුර, බිබිල සහ වැල්ලවාය

– නුවරඑළිය දිස්ත්‍රික්කය

– අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ බටහිර කොත්මලේ

– රත්නපුර දිස්ත්‍රික්කය

– කහවත්ත, නිවිතිගල, ඇලපාත සහ ගොඩකවෙල