අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර, මේ වනවිට පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව සිටින සිටින අතර, පවුල් 489කට අයත් පුද්ගලයින් 1,310 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 8ක රඳවා සිටින බවද සඳහන්ය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් ආපදා මරණයක්ද වාර්තා වී ඇති අතර එය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.
තවද නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද වාර්තා වෙයි.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වනවා.
එහි පමණක් පවුල් 474කට අයත් පුද්ගලයින් 1,264 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

