අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (13) දිනයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318.57 සිට රුපියල් 319.77 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 326.12 සිට රුපියල් 327.38 දක්වා ඉහළ ගොස් තිබේ.