ලෝක මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.
ඇමරිකානු ජාතික ඇනා ජාවිස් (Anna Jarvis) මෙම මවුවරුන්ගේ දිනයේ නිර්මාතෘ වනවා. ඇය 1908 දී තම මව සිහිපත් කරමින් පළමු සැමරුම පැවැත්වූවාය.
1914 වසරේදී එවකට ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි දෙවන ඉරිදා දිනය නිල වශයෙන් “මව්වරුන්ගේ දිනය” ලෙස ප්රකාශයට පත් කරන ලදී.
මවකගේ ආදරය සැමරීම අපි එක දිනයට සීමා කළ යුතු නොවන අතර සැමදාම ඇයට ආදරය දක්වමින් ඇය සමඟ ආදරෙන් සිටිය යුතු වෙනවා.
ලොව වෙසෙන සියලුම මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!

