ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු උණුසුමක්

අද දිනයේ ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සබරගමුව, උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකියි.