පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

එරට වේලාවෙන් අද පස්වරු 02.09 ට පමණ මධ්‍යම පිලිපීන දූපතක් වන සමාර් හි රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

පළාතේ වෙරළබඩ නගරයක් වන සැන් ජූලියන් සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් කිලෝමීටර් 10 ක් ගැඹුරට භූමිකම්පාව සිදු වූ බවයි පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) සඳහන් කළේ.

භූමිකම්පාව හේතුවෙන් සිදු වුණු තුවාල සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කම්පනය පුළුල් පරාසයක් පුරා දැනුනු බවයි වාර්තා වෙන්නේ.