අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 4,617ක්

කොළඹ ,ගම්පහ , කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගින් වාර්තාවිමේ වර්ධනයක් දක්නට ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ.

ඒ හේතුවෙන් කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 12 දෙනෙකු මියගොස් තිබේ.