අප්‍රේල් උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වී ඇත.

2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 0.7ක සිට  සියයට 2.8ක් දක්වා වැඩිවී ඇත.

එමෙන්ම, 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත. 

2026 මාර්තු මාසයේදී එය සියයට 2.9ක් ලෙස වාර්තා විය.