බොරතෙල් නැවක් අද දිවයිනට

නව බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මෙම නෞකාව දිවයිනට බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000 ක් ප්‍රවාහනය කරන බවයි.

එසේම මෙට්‍රික් ටොන් 9,500 ක් රැගත් නෞකාවක් හෙට දින පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙට්‍රික් ටොන් 36,000 ක නැව්ගත කිරීමක් 28 වන දින පැමිණීමට නියමිතයි.

මෙම නැව්ගත කිරීම් සමඟ ජුනි මස අවසානය දක්වා ජාතික ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවට නෙත්තිකුමාරගේ මහතා මහජනතාවට සහතික වනවා.