ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා තිබෙනවා.
ඒ අනූව 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් 5,003ක් බවයි ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2025 වසරේ වාර්ෂික ආර්ථික විවරණයේ දැක්වෙන්නේ.
2024 වසරේ දී ඩොලර් 4,546 ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ, අමෙරිකානු ඩොලර් 457 කින් ඉහළ ගොස් තිබේ.
මින් පෙර වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් 2018 වසරේදී වාර්තා වී ඇති අතර එම අගය ඇමරිකානු ඩොලර් 4,372 කි.

