LPL තරඟ කාලසටහනේ වෙනසක්

එළැඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා.

නව සංශෝධනයට අනුව තරගාවලිය ජූලි 10වනදා ආරම්භ කර, අගෝස්තු 5වනදා අවසන් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

මෙය මීට පෙර ජූලි 8 ආරම්භ කර අගෝස්තු 8 අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි.

එසේම නව සංශෝධනයත් සමග තරගාවලියේ තරගද ක්‍රීඩාංගණ 4කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මීට පෙර තරග පැවැත්වීමට කටයුතු යොදා තිබූ කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ දඹුල්ලට අමතරව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ද තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.