වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 08කට වැඩියෙන් දිවයිනට

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා .

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයින් 809,595ක් දිවයිනට පැමිණ ඇත.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 167,095ක් වේ.

එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 15 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව