මැයි මාසයෙත් අඛණ්ඩ ගෑස් සැපයුමක් – ලිට්‍රෝ

මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

අප්‍රේල් මාසය සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 20,500ක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවත් තවත් මෙට්‍රික්ටොන් 17,500ක් ලැබීමට නියමිතය බවත් එම සමාගම පැවසීය.

ඊට අමතරව තවත් ගෑස් මෙට්‍රික්ටොන් 20,000ක නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවද ලිට්‍රෝ සමාගම පවසනවා.