පූර්වභාග 6.55 ට යෙදුණු සුබ මොහොතින් මෙවර අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත උදා වුණා.
පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි මෙවර නැකත් සිට්ටුවේ දැක්වෙන්නේ.

