GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 08ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි රෝහල්වල කටයුතු අඩපන වූ අතර රෝගීන් දැඩි පීඩාවට පත් වී සිටිනවා.

වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

කෙසේවෙතත් වෛද්‍ය සංගමය සමග අදාල පත්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබේ.