සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම දින 05ක් වසා දමයි

ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට එනම් අප්‍රේල් 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින හයක් වසා තැබීමට නියමිතයි.

නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින හයක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවයි සිංහරාජය වන පාලක කාර්යාලය දැනුම් දෙන්නේ.

ඒ අනුව දිනවලදී සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් පැමිණීමට සංචාරකයන්ට නොහැකි බවයි සිංහරාජය වන පාලක එස්. ඩි නිමල් මහතා පවසන්නේ.

අප්‍රේල් 16 වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත වනු ඇත.