අද දුම්රිය භාවිත කරන්න එපා – ඉරානයට අනතුරු ඇඟවීමක්

අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

“ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාන වේලාවෙන් රාත්‍රී 09:00 වන තෙක් දුම්රිය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න… දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ග අසල රැඳී සිටීම ඔබේ ජීවිතයට අනතුරක් විය හැකියි” 

අද (07) රාත්‍රී 08.00 වන විට හොමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ගමනාගමනයට ඉඩ දීමට ඉරාන පාලනය අපොහොසත් වුවහොත්, එරට සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති පසුබිමකයි මෙම අනතුරු ඇඟවීම නිකුත් ඇත්තේ.