හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසනවා.

ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි ඔහු සඳහන් කළේ.