පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මීට පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්රදේශවල කිසිදු වෙනසක් නොමැති බවයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

