බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවලටත් ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (02) සිට ලබන 10වෙනිදා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට සැලැසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

දිගු කාලයක් ජල සැපයුම අත්හිටුවා ගැනීම වළක්වාලීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය තුනක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.