මාර්තු මාසයේ මුල් දින 29 දී ශ්‍රී ලංකාවට සංචාරකයින් 175,661ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 45,650ක් පැමිණ ඇති අතර, එය ප්‍රතිශතයක් 26%ක්.
රුසියාවෙන් 15,579ක්, ජර්මනියෙන් 12,603ක්, එක්සත් රාජධානියෙන් 17,030ක්, චීනයෙන් 13,449ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 10,219ක් ද මෙම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
මේ අතර 2026 ජනවාරි 01 සිට මාර්තු මස 29 වැනිදා දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 732,316ක් ලෙසයි වාර්තා වන්නේ.
ඒ අතරින් ඉන්දියාවෙන් 145,390ක්, රුසියාවෙන් 65,812ක් සහ එක්සත් රාජධානියෙන් 77,358ක් සංචාරකයින් පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

