ටිබෙටයේ සුළු භූ කම්පනයක්

ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. 

මෙම භූමිකම්පාව කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මාර්තු 27 වන දින ද එම ප්‍රදේශයේම කිලෝමීටර් 40ක් ගැඹුරින්, රික්ටර් මාපකයේ ඒකක 3.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් සිදුව ඇත.