උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවවාදාත්මක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි එහි දැක්වෙන්නේ.