මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය නිසා වැඩිපුරම පීඩාවට පත්වෙන ඉන්ද්‍රියක් තමයි අපේ සම, උණුසුම් හිරු එළිය නිසා පිච්චීමට සහ අධිකව වියළීමට පත් වීමේ හැකියාව මේ දවස් වල වැඩියි.
ඉතින් මේ අධික රස්නෙන් අපේ සම ආරක්ෂා කර ගන්නේ කොහොමද?
කරන්න තියෙන හොඳම වැඩේ තමයි වතුර වැඩියෙන් බොන එක. සමේ තෙතමනය ඇතුළතින්ම රැක ගැනීමට නම් දිනකට අවම වශයෙන් වතුර ලීටර් 2-3 ක් වත් බොන්න ඕනි. දහදිය එක්ක ජලය වැඩි වශයෙන් එළියට යන නිසා ශරීරයේ ජල සමතුලිතතාවය පවත්වා ගන්න අනිවාර්යයෙන් වැඩියෙන් වතුර බොන එක අත්‍යවශ්‍යයි.
ඒ වගේම sun cream එකක් භාවිතා කරන එකත් වැදගත් වෙනවා. නිවසින් බැහැරට යාමට මිනිත්තු 20කට පෙර අවම වශයෙන් SPF 30 හෝ ඊට වැඩි අගයක් ඇති සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න. මතක තියා ගන්න මේ sunscreen එක මූණේ වගේ ම අත් කකුල් වලත් ආලේප කරන්න. නැත්නම් අත් කකුල් වල sunburns එන්න පුළුවන් නේ.
හැකිතාක් කුඩයක්, තොප්පියක් හෝ අව් කණ්ණාඩි (Sunglasses) භාවිතා කරන එකත් වැදගත් වෙනවා. පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ හිරු රශ්මිය ඉතා තදින් පවතින බැවින්, එම වේලාවන්හිදී සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරන්න.
ඒ වගේම කපු සහ ලිනන් ඇඳුම් භාවිතා කරන එකත් හොඳයි. හැකිතාක් ලා වර්ණයෙන් යුතු ඇඳුම් වලින් පුළුවන් අපේ හිරු එළිය උරා ගන්න එක අවම කරන්න.
මේ රස්නය එක්ක දාඩිය බිබිලි වගේ දේවල් එන්න තියෙන හැකියාව වැඩි නිසා නිතරම සීතල වතුරෙන් ඇඟ සෝදන එක, දවසකට සැරයක්වත් සීතල වතුරෙන් නාන එක කරන්න. විශේෂයෙන් නිදා ගන්න එහෙම යනකොට wash එකක් දාල යන්න පුළුවන් නම් හොඳයි. නාලා හෝ ඇඟ සෝදලා ඉවර වුණාම සැමට heavy නැති Moisturizer එකක් ආලේප කිරීමෙන් සමේ තෙතමනය රඳවා ගන්න පුළුවන්.
ලොකුවට sunburn එකක් වගේ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එකත් වැදගත් වෙනවා.

