අද දිනයේ ද ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ අගයක් ගන්නා බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැක.

