රුපියල තවත් පහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.81 සිට රුපියල් 308.36 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 315.36 සිට රුපියල් 315.94 දක්වා ඉහළ ගොස් තිබේ.