බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බව සඳහන්.
ඒ අනුව නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ණ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

