ත්‍රීරෝද රථ ගාස්තුවත් වැඩිවෙයි

පළමු කිලෝමීටරය සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. 

එසේම දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90 දක්වා ඉහළ යනු ඇත.