බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළට

ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නංවන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ  බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”