සතුටින් ඉන්න ඕනේ නම් මේ දේවල් කරන එක දැන්ම නතර කරන්න

සතුටින් ඉන්න අපි හැමෝම ආසයි නේ, ඇත්තටම අපි මේ හැමදෙයක් ම කරලා අන්තිමට බලාපොරොත්තු වෙන්නෙත් සතුටින් ඉන්න එක නේ…

අපි කරන සමහර දේවල් නිසා අපේ සතුට නැති වෙලා යනවා, අද අපි කියන්නේ සතුටින් ඉන්න ඕනේ නම් කරන්න හොඳම ඇති දේවල් ටිකක්. මොකද මේ දේවල් වලට පුළුවන් ඔයාගේ සතුට එක ක්ෂණයකින් නැති කරලා දාන්න.

පලවෙනි දේ තමයි ඔයාව අනෙක් අය එක්ක comapre කරන්න යන එක. විශේෂයෙන් ම අද අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා social media එක්ක තමන්ව සංසන්දනය කරන්න. ඒවාගේ ඉන්න අයගේ ජිවිතේ තියෙන දේවල් ගැන දකිමින් තමන්ට නැති දේවල් තමන්ගේ අඩු පාඩු එයාල එක්ක සංසන්දනය කරනවා. මේ සංසන්දනය කරන්න යන එකෙන් අපිට වෙන්නේ අපේ සතුට නැති වෙලා යන එක.

මතක තියා ගන්න social media වල තියෙන දේවල් හැමදෙයක් ම ඇත්ත නෙමෙයි. එයාලා බොරු මවා පෑම් තමයි ගොඩක් කරන්නේ, ඒ වගේම එයාලගේ ජීවිතේ තියෙන දුක් කරදර වගේ දේවල් එයාල හංගනවා. ඉතින් එයාල දිහා බලන අයට හිතෙන්නේ එයාලගේ life එක හරිම perfect කියලා. මතක තිය ගන්න social media කියන්නේ අත්තක් නෙමෙයි, මායාවක්. ඒ නිසා ඒකෙ ඉන්න අය එක්ක ඔයාව compare කරන්න යන්න එපා.

ඔයාගේ දක්ෂතා, ඔයා ළඟ තියෙන දේවල් ගැන දකින්න. ඒ දේවල් වලට ස්තූතිවන්ත වෙන්න.

ඒ වගේම ඔයා සතුටින් ඉන්න කරන්න ඕනේ තවත් දෙයක් තමයි මේ මොහොතේ ජීවත් වීම. ඔයා අතීතයේ මඟ හැරුණු අවස්ථා, ඔයාව දාලා ගිය අය, අතීතයේ වුණු වැරදි ගැන නම් හිත හිත ඉන්නේ ඔයාගේ වර්තමානයත් ඒකෙන් නාස්ති වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම අනාගතයේ මොනවා වෙයි ද කියන එක ගැනත් ඕනෙවට වඩා හිතන්න යන්න එපා. අතීතය ගෙවිලා ගිහින් අවසන්, අනාගතය තවමත් ඇවිත් නැහැ. ඔයා ළඟ තියෙන්නේ මේ මොහොත විතරයි, ඒ නිසා මේ මොහොත උපරිමයට විඳින්න.

good vibe එකක් තියෙන positive මිනිස්සු ආශ්‍රය කරන එකත් ඔයාගේ ජීවිතේ සතුටින් තියෙන රහසක්. හැමවෙලේම අඩා ගෙන ඉන්න, නැහැ බැහැ කියා ගෙනම ඉන්න අය එක්ක ඉන්නකොට එයාලගේ negativity එක අපිටත් එනවා. එතකොට අපිටත් ජීවිතේ දිහා එයාලා බලන negative විදිහට තමයි බැලෙන්නේ. ඒ නිසා ඔයා වටේ ඉන්න ඔයා ආශ්‍රය කරන අය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. හැමවෙලේම සතුටින් හිනා වෙලා ඉන්න අය එක්ක ඉන්නකොට අපිටත් ඒ සතුට බෝ වෙන්නේ ඉබේමයි.

ඒ වගේම ඔයාව පහත් කරලා කතා කරන, ඔයා කරන දේවල් වල වැරදීම දකින, ඔයාට එක එක කතා කියන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. එහෙම අය එක්ක ඉන්න එකෙන් වෙන්නේ අපිට අපි ගැනම හීනමානයක් ඇති වෙන එක සහ අපේ සතුට අපෙන් මඟ ඇරෙන එක. ඔයාගේ ගමනට support එකක් වෙන කෙනෙක් නැතුව ඒ ගමනට බාධා කරන අයගෙන් ඔයාගේ ජීවිතේට අවැඩක්මයි වෙන්නේ.

සතුටින් ඉන්න කියලා මහන්සි නොබලා විවේකයක් නැතුව වැඩ කරන්න යන්න එපා. අනිවාර්යයෙන් ම මනුස්සයෙක්ට විවේකය කියන දේ ශාරිරකව සහ මානසිකව අවශ්‍ය වෙනවා. ඒ නිසා සුදුසු පරිදි විවේක ගන්න. ඒ වගේම ඒ ගන්න විවේකය ඵලදායිව ගත කරන්න.

ගොඩක් වෙලාවට අපි පාඩම් කරලා හරි වෙනත් වැඩක් කරලා හරි පොඩි විවේකයක් ඕනේ වුණාම කරන්න ෆෝන් එක අරන් reels බලන එක නේ, ඇත්තටම මේක තමයි ඔයාගේ විවේකය ගත කරන්න තියෙන නරකම විදිහ. ඒ reels වල පෙන්නන අයගේ ජීවිතේ දැකලා අපිට එක එක දේවල් හිතෙනවා, ගොඩක් වෙලාවට වෙන්නේ අපිව demotivate වෙන එක. ඒ වගේම ෆෝන් එකෙන් අපේ energy එකත් drain වෙලා යනවා.

ඒ නිසා කෙටි විවේක කාල වල දී එළියට පොඩ්ඩක් යන එක, ගෙදර කෙනෙක් අසල්වැසියෙක් එක්ක ටිකක් කතා කරන එකෙන්, සුරතල් සතෙක් එක්ක ඉන්න එකෙන් අපේ සතුට තවත් වැඩි වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් පොතක් කියවන්න, චිත්‍රයක් අදින්න වගේ දේවල් කරන්න.

මතක තියා ගන්න ඔයාව මේ ලෝකේ සතුටින් තියා ගන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ, ඒ තමයි ඔයා. ඒ නිසා ඔයාව ඔයාට අමතක වෙන්න දෙන්න එපා. ඔයා ඔයා වෙනුවෙන් හොඳම දේ කරන්න. නරක දේවල් වලින් ඈත් වෙන්න.

එහෙනම් ඔන්න සතුටින් ඉන්න…… ආදරෙයි……. උම්මා………..