පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්,
පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා
පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා .
පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටයි තීරණය වී ඇත්තේ.
ප.ව. 2.00 – ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

