කොළඹ කොටස් වෙළඳපොළ අද පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනය අවසානයේ ඒකක 376.62 කින් (1.82%) පහත වැටි තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 20,264.01 ක් ලෙස සටහන් වුණා.

එසේම අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් වනවා.