උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද දිනයට බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, උතුරු – මැද, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බවයි.