ඉරානය සහ කටාර් අතර වූ ලොව ඇති විශාලතම ස්වාභාවික වායු නිධිය වන ඉරානයේ දකුණු පාර්ස් (South Pars) නිධිය ආශිත්‍ර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාර එල්ල වී ඇත්තේ හුදෙක් ගෑස් නිධියටම නොව, ඒ ආශ්‍රිතව ඇති පිරිපහදු මධ්‍යස්ථාන (Refineries) සහ බලශක්ති ජනන මධ්‍යස්ථාන වෙතට බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.
නවීන මිසයිල තාක්ෂණය සහ නියමුවන් රහිත යානා භාවිතා කරමින් මෙම ප්‍රහාරය දියත් කර ඇත.
ඉරානයේ බලශක්ති අපනයන හැකියාව අඩපණ කිරීම සහ දේශීය විදුලි හා ගෑස් සැපයුමට බාධා කිරීම මෙවැනි ප්‍රහාරවල මූලික අරමුණයි.
ඉරානයේ සමස්ත වායු නිෂ්පාදනයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මෙම කලාපයෙන් වනවා.

