බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ මර්ධනය කිරීමේ අරමුණින්, ඒ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මහජනතාව වෙත නව WhatsApp දුරකථන අංකයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 077 71 28 128 දරන මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතිනු ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන්කරන්නේ.
බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව මෙම WhatsApp අංකය ඔස්සේ තොරතුරු ලබාදිය හැක.
මෙම තොරතුරු ඍජුවම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කෙරෙනවා.
එසේම තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය සුරැකීමට පොලිසිය විශේෂ අවධානයක් යොමු කරන බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
එබැවින් බියකින් තොරව නිවැරදි තොරතුරු ලබාදී අපරාධ මර්ධනය සඳහා සහාය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

