ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

අද දිනයේ ද ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇත‍ැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බවයි.