Epic Fury මෙහෙයුම යටතේ ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඒකාබද්ධව ආරම්භ කරන ලද මහා පරිමාණ හමුදා මෙහෙයුම ‘එපික් ෆියුරි’ මෙහෙයුම (Operation Epic Fury) ලෙස නම් කර තිබෙනවා.

මේ යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත.

 එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති වලට ද ප්‍රහාර එල්ල කර ඇත.

B-1, B-2, B-52 වැනි බෝම්බ හෙලන යානා ද, F-35 සහ F-22 වැනි නවීන ප්‍රහාරක යානා ද ඇතුළුව ඇමරිකාව සතු ප්‍රබලතම යුධ ශක්තියක් මෙම මෙහෙයුම සඳහා යොදවා තිබේ. ඇමරිකානු යුධ ලේකම් පීට් හෙග්සෙත් පවසන පරිදි මෙය මෑතකාලීනව කලාපයක් තුළ යෙදවූ විශාලතම ඇමරිකානු හමුදා ශක්තිය වනවා.