මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානයේ හමුදා බලය මේ වන විටත් විශාල වශයෙන් විනාශ කර ඇති බවත්, ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
ඉරානය සතුව පැවති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති අතර ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරිව ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

