ප්‍රදේශ කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සදහාත් මොනරාගල දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන සදහා මෙලෙස උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.