ඉරානයට තවත් භූ කම්පනයක්

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවයි.

සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාව මෙය වනවා.

පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති විය.