මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවය.
“ඇතිවෙලා තියෙන වර්තමාන යුදමය වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් ඇතිවෙලා තියෙනවා, සීමාවන් පනවලා තියෙනවා, සීමාවන් පනවන්න වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ.”

