ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (04) උදෑසන වනවිට ඩොලර් 81.40 දක්වා ඉහල ගොස් තිබෙනවා.
එසේම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 75.36ක් ලෙසයි.
මේ අතර මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය ද මෙම මාසය තුළ ඉන්ධන මිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොවන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ප්‍රකාශ කළා.

