ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
“අපි ඔවුන්ගේ මිසයිල විනාශ කර ඔවුන්ගේ මිසයිල කර්මාන්තය බිම හෙළන්නෙමු. එය නැවතත් සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇත” යනුවෙන් ඔහු සිය Truth Social ගිණුමේ හි පළ කරන ලද මිනිත්තු අටක වීඩියෝවක දැක්වෙනවා.
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කළ පළමු ප්‍රහාර රැල්ල අතරතුර 1989 සිට ඉරානයට නායකත්වය දුන් කමේනි, ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි, ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී සහ IRGC අණදෙන නිලධාරී ජෙනරාල් මොහොමඩ් පක්පූර් ඇතුළු බොහෝ ජ්‍යෙෂ්ඨ ඉරාන දේශපාලන චරිත සහ නායකයින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එසේම සඳුදා වන විට ඉරානයේ ස්ථාන 130 ක පුද්ගලයින් 555 ක් මිය ගොස් ඇති බව ඉරාන රතු ක්‍රෙසන්ට් සංවිධානය පවසනවා.
ඉරාන නිලධාරීන්ට අනුව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ කඳවුරකට ආසන්නව දකුණු ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 150 කට වැඩි පිරිසක් මිය ගියා.
මේ වන විට ඉරානයේ අන්තර්ජාල සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම පාහේ සීමා කර ඇති අතර එහි ගුවන් අවකාශය වසා දමා ඇත.
මේ අතර, ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත්, එක්සත් ජනපදයට ඊට වඩා “බොහෝ දුරයාමට හැකියාව” ඇති බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර තිබෙනවා.

