සිපෙට්කෝ ඉන්ධන කිහිපයක මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. 

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281ක් වනවා.

රුපියල් 323ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 329ක් වනු ඇත. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් වේ. 

ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල වෙනස් වන්නේ නැහැ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක් වේ.