පාකිස්තාන ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථාන කාබුල් සහ කන්දහාර් නගරවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාර වලින් තලේබාන් හමුදා මුරපොලවල් 27ක් විනාශ කර ඇති අතර තවත් නවයක් අල්ලාගෙන ඇතැයි පකිස්ථාන අගමැතිගේ ප්‍රකාශක මොෂාරෆ් සයිඩි පවසනවා.
එසේම තලේබාන් සංවිධානයට අයත් ටැංකි, කාලතුවක්කු සහ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ 80කට වැඩි ප්‍රමාණයක් ද පාකිස්තාන හමුදාව විසින් විනාශ කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.
මේ වන විට පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා ඇෆ්ගන් තලේබාන් රජයට එරෙහිව “විවෘත යුද්ධයක්” ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ පකිස්ථාන හමුදා මුරපොලවල් 19ක් සහ කඳවුරු දෙකක් අල්ලා ගත් බව තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

