යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද සිට

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මාර්තු 18 දින දක්වා තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට විදුලි පාර්භෝගිකයින්ට අවසථාව හිමි වන බවයි එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

මේ අතර වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමිවනවා.

එහි පළමු වැන්න අම්පාරේ දී මාර්තු 7 වෙනිදා පැවැත්වේ.

එසේම වව්නියාවේදී මාර්තු 11 වෙනිදා, මාතලේ දිස්ත්‍රික්කයේ දී මාර්තු 12 වෙනිදා, හම්බන්තොට දී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වෙනිදා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව ‌යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇත.