තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වාභාවය හේතුවෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පොර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථාන වල මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි.
සෙසු ප්‍රවේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැක.
තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ.


