සාමාන්‍ය පෙළ හෙට ඇරඹෙයි

2025/2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත මධ්‍යස්ථානවලට අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග කොමසාරි ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

හෙට (17) සිට ලබන 26වනදා දක්වා විභාගය පැවැත්වෙනවා .