පස මිතුරු සටනින් ජය ඉන්දියාවට

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගය ලකුණු 61කින් ජය ගැනීමට ඊයේ ඉන්දියාව සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175කි.

ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි.

තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවතියා.